ප්‍රමිතියෙන් තොර හෙල්මට්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කරමින් අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර, ඒ අනුව SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වේ.
පසුගිය 27 වැනි දින දිවයින පුරා විශේෂ වැටලීම් 98ක් සිදුකර SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇති අතර, SLS බලපත්‍රය අලුත් නොකළ කාලසීමාව තුළ නිෂ්පාදනය කළ හෙල්මට් 3,520ක අලෙවිය කර්මාන්තශාලා දෙකක් තුළද තහනම් කර ඇත. 2026 වසරේ මේ දක්වා සිදු කළ වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග 151ක් යටතේ හෙල්මට් 4,038කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේ.














