මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ ඉදිකිරීම් කටයුත්තක නිරත වෙමින් සිටි කම්කරුවෙකු මතට අද (31) දහවල් 11.00ට පමණ අඩි 20ක් පමණ උසැති පස් කන්දක් කඩා වැටීමෙන් ඔහු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හේවාහැට, මුල්ඔය ජනපදයේ පදිංචි 43 හැවිරිදි තිදරු පියෙකි. අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ සෙසු සේවකයින් එක්ව පස් යට සිරවී සිටි ඔහුව මුදාගෙන මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත. රෝහල්ගත කරන අවස්ථාව වන විටත් ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














