2026 FIFA ලෝක කුසලානයෙන් පසු පැවැත්වෙන පළමු ජාත්‍යන්තර විරාමයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමඟ මිත්‍ර තරඟවලට ක්‍රීඩා කිරීමට බ්‍රසීල පාපන්දු සම්මේලනය තහවුරු කර ඇති බව ESPN වාර්තා කරයි.
ඒ අනුව, සැප්තැම්බර් 25 සහ 29 යන දිනවල ඕස්ට්‍රේලියාව සමඟ තරඟ දෙකකට සහභාගී වීමෙන් පසු, බ්‍රසීල කණ්ඩායම ඉන්දියාවේ කොල්කටා නුවර වෙත පැමිණීමට නියමිතය. ඉතිහාසයේ පළමු වතාවට බ්‍රසීලය සහ ඉන්දියාව අතර තරඟයක් ඔක්තෝබර් 3 වන දින කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
නව චක්‍රයක් යටතේ තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව බ්‍රසීල ප්‍රධාන පුහුණුකරු කාලෝ ඇන්චෙලොටි (Carlo Ancelotti) පවසා ඇත.














