කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) ශත වර්ෂීය සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද “NIHS EXPO 2026” අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යායතන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් මහජනතාව සඳහා විවෘත කෙරිණි.
1926 වර්ෂයේදී ආරම්භ කරන ලද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, ශත වසරක් පුරා මෙරට මහජන සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් සංවර්ධනය, පර්යේෂණ, පුහුණුව සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දී ඇත. ජූලි 30, 31 සහ අගෝස්තු 1 යන දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා මෙම ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වේ.
මහජන සෞඛ්‍ය සේවාවේ විකාශනය, රෝග නිවාරණ වැඩසටහන්, මව් හා දරුවාගේ සෞඛ්‍ය මෙන්ම ආයතනයේ සියවසක ගමන්මඟ විදහා දැක්වෙන ඓතිහාසික ලේඛන සහ දුර්ලභ ඡායාරූප ඇතුළත් කෞතුකාගාරය මෙහිදී මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.














