රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අන්තර්ජාතික මට්ටමට ඔසවා තැබීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නංවාලීමේ අරමුණින් යුත් ‘ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයට’ (National High Performance Centre) අදාළ නිල සංකල්ප පත්‍රිකාව 2026 ජූලි 30 වන දින ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත නිල වශයෙන් බාර දෙන ලදී.
ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති මෙම අවස්ථාව ප්‍රසන්ත ජයලාල් මහතාගේ නායකත්වයෙන් යුතුව සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ක්‍රීඩා සභාවේ සාමාජිකයින්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, විශේෂඥ කමිටු සාමාජිකයින්, වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී විය.
මෙම නවීන ව්‍යාපෘතිය හරහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පහසුකම් ලබා දීමටත්, ක්‍රීඩා පුහුණු සහ විද්‍යාත්මක පසුබිම නව මානයකට ගෙන යාමටත් අපේක්ෂා කෙරේ.













