හන්තාන කඳු පංතියේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයට රාත්‍රී කාලයේදී දිවියන් පැමිණීමේ අවදානමක් පවතින බැවින්, විශ්වවිද්‍යාල සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසට දැනුම් දී තිබේ.
පශු වෛද්‍ය පීඨය මඟින් පවත්වාගෙන යනු ලබන සත්ත්ව ගොවිපළේ සිටි වැස්සියෙකු පෙරේදා අලුයම් කාලයේදී දිවියෙකු විසින් මරා දමා ඇති අතර, එහි මස් කොටසක්ද කා දමා තිබේ. CCTV දර්ශන මඟින් මෙම සිදුවීම තහවුරු වී ඇති අතර, සවස් කාලයෙන් පසු විශ්වවිද්‍යාලය තුළ හැසිරීමේදී දැඩි සැලකිලිමත් වන ලෙස විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිසුන්ගෙන් ඉල්ලා ඇත.













