කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2026 ජූලි මාසයේ ප්රධාන උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය ජූනි මාසයේදී 6.8%ක් ලෙස වාර්තා වූ මෙම අගය මෙලෙස ඉහළ ගොස් ඇති අතර, ආහාර උද්ධමනයද 3.6% සිට 6.3% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ තිබූ 8.4%ක අගයේ සිට ජූලි මාසයේදී 7.8% දක්වා පහළ බැසීමක් වාර්තා කර තිබේ.














