මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුද්ගලයන් සහ සංවිධාන වෙතින් ලැබී ඇති යෝජනා 31ක් සහ මීට පෙර ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සමාලෝචනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම පත් කිරීම සිදු විය. මෙහිදී 2004, 2007 සහ 2022 වසරවල තේරීම් කාරක සභා වාර්තා සහ යෝජනා 31ක් පදනම් කරගනිමින් පළාත් පාලන මැතිවරණ සඳහා මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීම, සුළුතර සහ කාන්තා නියෝජනය වැඩි කිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමවේද, කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීම මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.














