ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක නැවත ගොඩනැගීමේ ආධාර පැකේජය යටතේ, මෙට්‍රික් ටොන් 250කට වඩා බරින් යුත් තවත් බේලි පාලම් තොගයක් ඊයේ (06) ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දී තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ශ්‍රී මෛත්‍රී කුල්කර්ණි මහතා විසින් මෙම පාලම් තොගය සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දිවයින පුරා බිඳ වැටුණු ප්‍රවාහන සබඳතා නැවත යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීම අරමුණු කරගනිමින් මෙම පාලම් දිවයින පුරා සවි කිරීමට නියමිතය.














