මෝසම් වැසි සහ නිවර්තන සුළි සුළංවල බලපෑම හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 380,000කට අධික පිරිසකට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට කලාප 8ක් තුළ පැතිරී ගිය මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 110,000කට අයත් පුද්ගලයින් 382,000ක් පීඩාවට පත්ව සිටින බවයි.
මෙම ආපදා තත්ත්වයන් හේතුවෙන් සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 6 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇත. මීට අමතරව, ආපදා තත්ත්වය නිසා නිවාස 148කට අධික සංඛ්‍යාවකටද හානි සිදුව ඇති බව වාර්තා වේ.














