පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මෙනවිය පවසයි.
විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 20 වැනිදා ආරම්භ කර 25 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723ක් ලෙස සමස්තයක් ලෙස අයදුම්කරුවන් 294,089ක් පෙනී සිටි අතර, විභාග මධ්‍යස්ථාන 2,723කදී කිසිදු ගැටළුවකින් තොරව විභාගය පවත්වා අවසන් කර තිබේ.













