මොරොක්කෝවේ ටැන්ජියර් සිට එක්සත් රාජධානියේ ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපළ වෙත පැමිණි Air Arabia ගුවන් යානයක රෝද කුටීරයේ සඟවා සිටි අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගලයෙකු අධික ශීතල සහ ඔක්සිජන් හිඟකම හේතුවෙන් මියගොස් ඇති බව Hits Radio UK සහ ITV News වාර්තා කරයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී සාක්ෂි ඉදිරිපත් කරමින් මරණ පරීක්ෂක ජෝසෆ් ටර්නර් සහ නිලධාරීන් පෙන්වා දෙන්නේ, ගුවන් යානය අධික උසකින් ගමන් කිරීමේදී රෝද කුටීරය තුළ පැවැති අධික ශීතල සහ ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් හෘදයාබාධයකට ලක්ව අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි.
ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසු ඉංජිනේරුවන් විසින් සිදුකළ මූලික පරීක්ෂාවලදී මෙම මළසිරුර සොයාගෙන ඇති අතර, සුසෙක්ස් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. ගුවන් යානාවල රෝද කුටීර තුළ සඟවාගෙන නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කරන පුද්ගලයින්ගෙන් 77% කට වඩා වැඩි පිරිසක් අධික ශීතල සහ ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්වන බව ජාත්‍යන්තර ගුවන්සේවා දත්ත පෙන්වා දෙයි.














