නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ දැවැන්ත හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ සියලු දෙනා වෙත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය කනගාටුව සහ සංවේගය පළ කර තිබේ.
සිය X (Twitter) ගිණුමේ විශේෂ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම අභියෝගාත්මක සහ දුෂ්කර මොහොතට මුහුණ දී සිටින නේපාල පවුල් සහ ප්‍රජාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කම්පනය පළ කරන බවයි. එමෙන්ම ජීවිත බේරාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම්වල නිරත නේපාල බලධාරීන්ගේ කැපවීම අගය කළ අමාත්‍යවරයා, නේපාල රජයට සහ ජනතාවට මෙම ව්‍යසනයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් පෙනී සිටින බව ද වැඩිදුරටත් අවධාරණය කර ඇත.














