ස්කෑම් (Scams) සහ හැකර්වරුන්ගෙන් පරිශීලක ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා WhatsApp සමාගම විසින් අලුත්ම ආරක්ෂණ විශේෂාංග (Security Features) කිහිපයක් හඳුන්වා දී තිබේ.
මේ වන විටත් බිලියනයකට අධික පිරිසක් ‘Passkeys’ භාවිත කරන බව පවසන WhatsApp සමාගම, ඇඟිලි සලකුණ (Fingerprint), මුහුණ හඳුනාගැනීම (Face ID) හෝ Screen Lock කේත මඟින් ඇන්ඩ්‍රොයිඩ් සහ iOS උපාංග සඳහා ගිණුමට පිවිසීමේ පහසුකම තවදුරටත් වර්ධනය කර ඇත. මීට අමතරව ද්වි-පියවර තහවුරු කිරීම (Two-step verification) සඳහා අකුරු, ඉලක්කම් සහ විශේෂ සංකේත (Alphanumeric characters) ඇතුළත් කළ හැකි සැබෑ මුරපද (Strong Passwords) හඳුන්වා දී තිබේ. එමෙන්ම නොදන්නා අංකවලින් ලැබෙන ඇමතුම් (Unknown Callers) පිළිබඳ විස්තර සහ පොදු සමූහ (Common Groups) ඇත්දැයි බලාගත හැකි ‘Call Context’ විශේෂාංගය ද ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින් සඳහා පිරිනමා ඇත.













