බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක් වූ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය (අගෝස්තු 30) වෙනුවෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සංවිධානය කරන ලද ජාතික අනුස්මරණ උත්සවයට එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළේය.
අතුරුදන් වූවන්ගේ පවුල් විඳින වේදනාව පිළිගනිමින් සහ ඔවුන්ට යුක්තිය ඉටු කිරීම රජයේ වගකීමක් බව අවධාරළ කළ අමාත්‍යවරයා, නීතියට ඉහළින් කිසිවකුත් නොමැති බවත් සාක්ෂි මත පදනම්ව නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය. අතුරුදන් වූවන්ගේ පැමිණිලි විමර්ශන වේගවත් කිරීම සඳහා රුපියල් මිලියන 375ක් වෙන් කරමින් විමර්ශන කමිටු 25ක් ක්‍රියාත්මක කර ඇති බවත්, 2027 වසර අවසන් වන විට ලැබී ඇති සියලු පැමිණිලි පිළිබඳ මූලික විමර්ශන අවසන් කිරීම රජයේ අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. චෙම්මනි සමූහ සුසාන භූමියේ කැණීම් ඇතුළු කටයුතු සඳහා ද ප්‍රතිපාදන ලබා දී ඇති අතර, මීට අමතරව ඥාතීන් සඳහා මරණ සහතික ලබාදීම, පුනර්ජීවන දීමනා සහ මනෝසමාජීය සහන සැලසීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවට ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, OMP සභාපති මහේෂ් කටුලන්ද සහ උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














