සමූහ ඝාතන , යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි හිටපු බොස්නියානු සර්බියානු හමුදාපති රැට්කො ම්ලාඩිච් වයස අවුරුදු 84 දී හේග් නුවර එක්සත් ජාතීන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයේදී මියගොස් තිබේ.
1992-1995 බොස්නියානු යුද සමයේදී සිදුවූ අතිශය දරුණු අපරාධවල ප්‍රධාන සැලසුම්කරුවෙකු වන ඔහු, 1995 වසරේ ශ්‍රෙබ්‍රෙනිට්සා හිදී බොස්නියානු මුස්ලිම් පිරිමි පුද්ගලයින් සහ පිරිමි ළමුන් 8,000 කට අධික පිරිසක් ඝාතනය කිරීමේ සමූලඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා ලැබීය. මෙම බිහිසුණු ලේවැගිරීම් සහ සරාජෙවෝ නගරය වටලා සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඔහු ජාත්‍යන්තරයට ‘බොස්නියාවේ මස්ලෙ වැද්දා ලෙස ප්‍රකට විය.
වසර 16ක කාලයක් සැඟවී සිටීමෙන් පසු 2011 වසරේදී අත්අඩංගුවට පත් වූ ඔහු, 2017 වසරේදී හේග් නුවර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කෙරිණි.
















