තමා කිසිදු දවසක ආගම සහ දහම පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා භාවිත නොකරන බවත්, නමට පමණක් බෞද්ධ නායකයන් ලෙස පෙනී සිටින්නන් සහ තමා අතර ඇති ප්‍රධාන වෙනස එය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආගමික සංස්කෘතීන් සහ ශ්‍රද්ධා භක්තිය පෞද්ගලික හෝ දේශපාලන ප්‍රචාරක අරමුණු සඳහා කිසි විටෙකත් යොදා නොගන්නා බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, අවංකවම ජනතාවට සේවය කිරීම තම ප්‍රතිපත්තිය බව වැඩිදුරටත් සඳහන් කළේය.
















