දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුවේ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා තිබේ.
උදෘත ගොනු කිරීම සඳහා කොමිෂන් සභාව වෙත යැවීමට කටයුතු කර ඇති බැවින්, නඩුව කැඳවීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව නඩුව දෙසැම්බර් 18 වැනි දින යළි කැඳවීමට නියම කෙරිණි. ‘මග නැගුම’ නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘති කොන්ත්‍රාත් 112කට අදාළ ගෙවීම් මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් තම හිතවතුන්ට ලබා දී රජයට පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහු ඇප මත මුදා හැර ඇත.
















