රණවිරුවන්ගේ සුබසාධනය හා ගෞරවය සුරැකීම යුද හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා, දියබෙදුම රණවිරු ගම්මානය වෙත ගොස් එහි වෙසෙන රණවිරුවන්ගේ සුවදුක් හා සුබසාධන අවශ්‍යතා සොයා බලා ඇත.
රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද හමුදාපතිවරයා, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව අවධානයෙන් සවන් දී, ඔවුන්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙමින් අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදෙන බවට සහතික වී තිබේ. එෙන්ම, ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද හමුදාපතිවරයා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
















