• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විනාඩි කිහිපයකින් පාසල ජලයෙන් යටවෙයි

විදුහල්පතිවරයා සිසුන් 900කගේ ජීවිත බේරයි!

31 August 2026
in පුවත්, විදෙස්
විනාඩි කිහිපයකින්  පාසල ජලයෙන් යටවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නේපාලයේ මහා ජල ගැලීම හමුවේ, විදුහල්පතිවරයකුගේ ක්ෂණික තීරණයක් නිසා පාසල් සිසු දරු දැරියන් 900 දෙනකුගේ ජීවිත නූලෙන් බේරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ග්ලැසියර නායයෑමක් හේතුවෙන්, මහා ජල කඳ පහළ නිම්නයේ නේපාලය සහ ටිබෙටය හරහා ඇද ආවේ ඉකුත් 26 වැනිදා උදෑසනය. ජල කඳ පහළට ඇදී ආ ගංගාව දෙපස නිවාස, ගොඩනැගිලි මෙන්ම ගංගාව හරහා ඉදි කළ පාලම් ද සැණින් විනාශ වූ අතර, ජල ගැලීමට හසුවීමෙන් නිවාස සහ ගොඩනැගිලිවලට අමතරව පාසල් 69 ක් විනාශ වී ඇති බවත් සිසුන් 19,000 කට වැඩි පිරිසකගේ අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇති බවත් ‘සේව් ද චිල්ඩ්‍රන්’ ජාත්‍යන්තර ආයතනය පවසයි.
මෙම දරුවන් බේරා ගැනීමට සමත් වූයේ නේපාලයේ නුවාකොට් පළාතේ ත්‍රිභූවන් ත්‍රිශූලී ද්විතීයික පාසලේ විදුහල්පති රාජේන්ද්‍ර දවාදි ය. පාසලේ සිසුන් 1,600 දෙනකු ඉගෙනුම ලබන අතර, එදා (26) ජල ගැලීම සිදුවන අවස්ථාවේදී පාසලේ සිටියේ සිසුන් 900 දෙනෙකි. ජල කඳ නිම්නය දිගේ පහළට ඇදී එන බව දුරකතන පණිවුඩ ඔස්සේ දැනගත් විදුහල්පතිවරයා වහා ක්‍රියාත්මක වී, සිසු දරු දැරියන් බියට හෝ කලබලයට පත් නොකර ඔවුන් සහ ගුරුවරුන් පාසලෙන් ඉවත් කර උස් බිමකට රැගෙන යෑමට කටයුතු කළේය. සිසු දරු දැරියන් ඉවත් කර විනාඩි කිහිපයකින් මීටර් 100 ක් දුරින් තිබූ එක් නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇත.
මේ වනවිට ජල ගැල්මට බිලිවුණු නේපාල වැසියන් ගණන ඊයේ (30) වනවිට 781 දක්වා ඉහළ ගොස් ඇති අතර, නේපාලයේ අතුරුදන් වූ ගණන 2,500කි. මියගිය සහ අතුරුදන් වූවන් අතරේ රටවල් රැසක විදෙස් සංචාරකයෝ ද වෙති. ජල ගැල්මට හසුවී විපතට පත්වුණු 3,700 කට වැඩි පිරිසක් මුදා ගැනීමට නේපාල හමුදාව ඊයේ (30) සමත් වූ බවද පැවැසෙන අතර, විදේශිකයන් 592 දෙනකු ඇතුළුව 2,502 දෙනකු පිළිබඳ තොරතුරක් නොමැති බව නේපාල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Post Views: 2
Previous Post

මැතිවරණ කල් දැමීමේ උත්සාහයක් ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් සැකයක්!

Next Post

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 81,929කට පානීය ජල ගැටලුවක්

Editor TTV News

Editor TTV News

Next Post
වියළි කාලගුණයෙන්  පුද්ගලයින් 81,929කට පානීය ජල ගැටලුවක්

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 81,929කට පානීය ජල ගැටලුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved