අත්තිඩිය අභය භූමියේ නව රෝහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට සමගාමීව මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් පවත්වා තිබේ. ලෝකයෙන්ම වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින කළු වඳුරාගේ උප විශේෂයට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහලක් වන මෙය, වර්තමාන රජය විසින් මිලියන 17ක් වැය කර වසරක් ඇතුළත කඩිනමින් සංවර්ධන කටයුතු නිම කර විවෘත කර ඇත.
බස්නාහිර වනජීවී කලාපයේ විවිධ ආබාධවලට ලක්වන වන සතුන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර කටයුතු තවදුරටත් පුළුල් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන අතර, මේ වන විටත් මෙහි වඳුරන්, ගෝණුන්, තිත් මුවන්, හඳුන් දිවියන් සහ බකමූණන් ඇතුළු වනසතුන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් සිටිති. සුව වූ වනසතුන් විශාල ප්‍රමාණයක් ඔවුන්ට සුදුසු ස්වභාවික පරිසරය වෙත මීට පෙර මුදාහැර තිබෙන අතර, මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















