මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සහ මෑතකදී ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් ප්‍රකාශයක් සටහන් කරගනිමින් ඇති බව වාර්තා වේ.
මෙහිදී ශිරාන් බාසික්ගේ ජාවාරම් සමඟ ඇති සබඳතා මෙන්ම අරුන්දික ප්‍රනාන්දු මහතාගේ වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන්ද පුළුල් ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.
















