ශ්‍රී ලංකා පොලිසියේ 160 වන පොලිස් දිනය නිමිත්තෙන්, 2026 සැප්තැම්බර් 03 වන දින කිඹුලාපිටිය දේවස්ථානයේදී විශේෂ ආශිර්වාදාත්මක දේව මෙහෙයක් පවත්වා තිබේ.
වර්තමාන පොලිස්පතිතුමාගේ මාර්ගෝපදේශනය යටතේ පැවති මෙම දේව මෙහෙයේදී, රටේ සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා කැපවී සේවය කරන සියලුම පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දිවයිනේ ආරක්ෂාව හා ශක්තිය ප්‍රාර්ථනා කර ඇත. මෙම ආශීර්වාදාත්මක දේව මෙහෙයෙන් ලැබූ අධ්‍යාත්මික ශක්තිය තුළින් ශ්‍රී ලංකා පොලිසියේ සියලුම නිලධාරීන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටද සාමය, සෞභාග්‍යය සහ නිදුක් නිරෝගී සුවය උදා වේවායි එහිදී ප්‍රාර්ථනා කර තිබේ.
















