පාසල් ලාංඡනය භාවිත කරමින් සංවිධානය කරන සියලුම වැඩසටහන් සහ උත්සවවලදී මත්පැන් හා මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඉදිරියේදී ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරග හෙවත් ‘බිග් මැච්’ ආශ්‍රිත උත්සව සඳහාද මෙම නීතිය අදාළ වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා සඳහන් කළේ ප්‍රධාන පාසල්වල මහා ක්‍රිකට් තරගවලදී දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන බවට දෙමාපියන්ගෙන් දිගින් දිගටම චෝදනා ලැබී ඇති බවයි. ඒ අනුව 2026/10 දරන චක්‍රලේඛය මඟින් පාසල නියෝජනය කරමින් හෝ පාසල් ලාංඡනය භාවිත කරමින් පැවැත්වෙන ඕනෑම වැඩසටහනක් පාසල් උත්සවයක් ලෙස සලකා, එවැනි උත්සවවල මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
මෙම නීතිය දැඩි ලෙස අධීක්ෂණය කිරීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, නීති උල්ලංඝනය කරන උත්සවයක් වහාම තහනම් කිරීමේ බලය අධ්‍යාපන ලේකම්වරයාට පවරා තිබෙනවා. ඒ අනුව පාසල් ක්‍රිකට් සැණකෙළි මත්ද්‍රව්‍යවලින් තොර පරිසරයක් බවට පත් කිරීම අධ්‍යාපන බලධාරීන්ගේ නව අවධානය වී තිබෙනවා.


















