ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූරවල පුරප්පාඩු පිරවීම ප්‍රමාද වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මුලින් අයදුම්පත් කැඳවුවද සුදුස්සන් ඉදිරිපත් නොවීම හේතුවෙන් දෙපාරක් අයදුම්පත් කැඳවීමට සිදුවීමයි.
මෙම කොමිෂන් සභා දෙකේ සාමාජිකයන්ගේ නිල කාලය පසුගිය කාලයේදී වරින් වර අවසන් වී තිබූ අතර, සාමාජිකයන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සූදානම් කෙරෙමින් පවතින බවද වාර්තා වේ.


















