ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරට අදාළව මේ වන විට රුපියල් බිලියන 27ක පමණ ලාභයක් උපයා ගැනීමට සමත්ව ඇති බව එහි සාමාන්‍යාධිකාරී මයුර නෙත්තිකුමාර මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මීට වඩා විශාල ලාභයක් උපයා ගැනීමට සංස්ථාවට හැකියාව තිබුණද, ඩීසල් වැනි ඉන්ධන සඳහා පාරිභෝගිකයින් වෙත විශාල සහනාධාරයක් ලබාදීමට කටයුතු කිරීම නිසා ලාභයේ යම් අඩුවීමක් සිදුවූ බවයි. කෙසේ වෙතත්, එම සහනාධාර ලබාදීමෙන් පසුව පවා සංස්ථාව බිලියන 27ක ස්ථාවර ලාභ මට්ටමක් පවත්වා ගැනීමට සමත්ව ඇති බවද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.














