සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ගණන් කිසිදු සංශෝධනයකට ලක් නොකරන බව ලාෆ්ස් ගැස් සමාගම නිවේදනය කරයි.
ඒ අනුව, මීට පෙර පැවති මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙනු ඇත. අවසන් වරට පසුගිය ජූලි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරුණු අතර, එහිදී කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280 කින් පහළ දමමින් එහි මිල රුපියල් 4,965 ක් ලෙස දැක්විණි. එමෙන්ම, කිලෝග්රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 512 කින් අඩු කරනු ලැබූ අතර, එහි වත්මන් මිල රුපියල් 1,988 ක් ලෙස පවතියි.














