මෙරට කම්කරු නීති පද්ධතිය නවීකරණය කර යාවත්කාලීන කිරීමේ කටයුතු වත්මන් රජය යටතේ ඉතා කඩිනමින් සිදුකෙරෙමින් පවතින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
දකුණු ආසියාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ කලාපීය වෘත්තීය සමිති හුවමාරුව නමැති දෙදින වැඩමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම වැඩමුළුව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, ඊට ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයෝ රැසක් සහභාගී වූහ. එහිදී කලාපීය මට්ටමින් ඒ ඒ රටවල කම්කරු නීතිවල වත්මන් තත්ත්වය සහ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.














