රුසියාව විසින් යුක්රේනයේ ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක් (Dnipropetrovsk) කලාපයේ කැමියන්ස්කේ (Kamianske) නගරයට එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර් යුද්ධය අවසන් කිරීමේ යෝජනාවක් රැගෙන මොස්කව් සහ කීව් නුවරවල සංචාරය කරන පසුබිමක් තුළ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝගයකට අනුව කීව් අගනුවරට එල්ල වන ප්‍රහාර හෙට (සෙනසුරාදා) සිට දින තුනකට අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, ඊට සමගාමීව යුක්රේන හමුදාවන්ට ද දින තුනක සටන් විරාම නියෝගයක් ලැබී තිබේ. කෙසේ වෙතත්, සටන් විරාම නිවේදන මධ්‍යයේ වුවද රුසියානු ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉදිරි සාම සාකච්ඡා සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.














