රථවාහන වැරදි සඳහා දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් ගෙවීම සඳහා හඳුන්වා දී ඇති ‘GOV PAY’ ක්‍රමවේදයට සමාන අයුරින් සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවියක් මඟින් ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගැනීමේ මූල්‍ය වංචාවක නිරත වන බවට පොලිසිය දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කර තිබේ.
ජනතාවගේ කටයුතු පහසු කිරීම සහ මුදල් වංචා අවම කිරීමේ අරමුණින් මෙම වසර මුල් භාගයේදී රථවාහන දඩ ගෙවීම සඳහා ‘GOV PAY’ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය. කෙසේ වෙතත්, වංචනිකයින් විසින් එම නම සහ පෙනුම යොදාගනිමින් ව්‍යාජ වෙබ් අඩවි සකස් කර ඇති අතර, අදාළ වෙබ් අඩවියේ සබැඳි (Links) කෙටි පණිවුඩ සහ WhatsApp පණිවුඩ මඟින් ජංගම දුරකථන වෙත එවා ජනතාව නොමඟ යැවීම මෙම ජාවාරමේදී සිදුවේ.
GOV PAY හරහා දඩ මුදල් ගෙවීම සඳහා වෙනත් කිසිදු අන්තර්ජාල වෙබ් අඩවියක් නොමැති බැවින්, මෙවැනි ව්‍යාජ මූල්‍ය වංචාවන්ට කිසිදු ලෙසකින් අසු නොවන ලෙස රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ජනතාවට විශේෂයෙන් දැනුම් දී සිටියි.














