ඇතන්ස් නගරයට උතුරින් පිහිටි ටනාග්රා (Tanagra) ගුවන් හමුදා කඳවුරේ පැවැති ගුවන් සංදර්ශනයක් (Air Show) අතරතුර ග්රීක ද්විත්ව ආසන F-4 ෆැන්ටම් (F-4 Phantom) වර්ගයේ ප්රහාරක යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීහු තහවුරු කරති.
ලෙස නියමුවන් දෙදෙනා මියගොස් තිබෙනවා” යැයි නිලධාරියෙක් ප්රකාශ කළ අතර, ගුවන් තොටුපළෙන් කිලෝමීටර් දෙකක් පමණ දුරින් ඇද වැටී ඇති මෙම යානය ගිනි ගැනීම හේතුවෙන් අසල වනපෙතකටද ගින්න පැතිර ගොස් ඇත. මෙම අනතුරින් ප්රදේශයේ නරඹන්නන්ට හෝ සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තා වේ. ප්රසිද්ධ විකාශක ERT පෙන්වා දුන් වීඩියෝ දර්ශනවල දැක්වුණේ, බිම සිට මීටර් කිහිපයක් උසින් දකුණට හැරීමක් සිදු කිරීමට උත්සාහ කිරීමේදී යානය හදිසියේම බිමට කඩා වැටී ගිනි බෝලයක් බවට පත්වන ආකාරයයි. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන යානා සහ හෙලිකොප්ටර් මෙහෙයුම්වල යොදවා තිබුණි.
















