බ්‍රිතාන්‍යයේ ජනප්‍රියවාදී රෆෝම් යූකේ (Reform UK) පක්ෂ නායක නයිජෙල් ෆෙරාජ් සහ ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික නැෂනල් රැලී (RN) පක්ෂයේ නායක ජෝර්ඩන් බාර්ඩෙලා අතර එංගලන්තයට කුඩා නෞකා මඟින් පැමිණෙන සරණාගතයන් යළි ප්‍රංශයට භාරදීම අරමුණු කරගනිමින් අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම ප්‍රංශයේ ජනාධිපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
මෙම ගිවිසුම ඉදිරි මැතිවරණවලදී දෙපාර්ශ්වය බලයට පත්වුවහොත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර, ඉංග්‍රීසි සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන සංක්‍රමණිකයන් යළි ප්‍රංශයට භාරදීමට එකඟ වීම සම්බන්ධයෙන් ප්‍රංශ හිටපු අගමැතිවරුන් වන එඩුවාඩ් ෆිලිප් සහ ගේබ්‍රියෙල් අටාල් මෙන්ම තවත් දේශපාලන නායකයින් රැසක් දැඩි විරෝධය පළ කර ඇත. නැෂනල් රැලී පක්ෂය විදේශීය බලවතුන් හමුවේ යටත්වීමක් පෙන්නුම් කරන බවත්, මෙයින් ප්‍රංශයේ ජාතික ස්වෛරීභාවයට හානි වන බවත් ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙම විවේචන ප්‍රතික්ෂේප කර ඇති ජෝර්ඩන් බාර්ඩෙලා ප්‍රකාශ කර ඇත්තේ අනාතයේදී තමන් සහ නයිජෙල් ෆෙරාජ් බලයට පත්වුවහොත් ප්‍රංශයේ සහ ඉංග්‍රීසි දේශසීමාවල නීතිවිරෝධී සංක්‍රමණ මර්දනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි.
















