73 වන ලෝක රූ රැජින (Miss World 2026) කිරුළ දිනා ගැනීමට ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ ජොහෙයිරි මොලා ඩොමින්ගෙස් (Joheirry Mola Dominguez) සමත්ව තිබේ.
ලොව පුරා රටවල් රැසක රූප සුන්දරියන් තරග වැදුණු මෙම අතිඋත්කර්ෂවත් අවසන් මහා තරගයේදී සියලු තරගකාරියන් අභිබවා යමින් ඇය 2026 වසරේ ලෝක රූ රැජින ලෙස අභිෂේක ලැබුවාය. තරගාවලියේ ප්‍රබල තරගයක් ලබා දුන් ස්පාඤ්ඤයේ එලිසබෙත් රේනස් (Elisabeth Reynes) දෙවන ස්ථානය (First Runner-up) හිමිකර ගත් අතර, මැලේසියාව නියෝජනය කළ තානුසියා චෙට්ටි (Taanusiya Chetty) තෙවන ස්ථානය (Second Runner-up) දිනා ගැනීමට සමත් වූවාය.
















