අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට පවතින බිය මධ්‍යයේ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.80ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 0.54%කින් හෙවත් ඩොලර් 0.52ක ඉහළ යාමකි.
















