නීතිය හමුවේ සියලුදෙනා සමාන බවත්, කිසිදු තරාතිරමක් ඊට අදාළ නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
අදට (15) යෙදී ඇති අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වත්මන් පාලනය යටතේ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් සිටින බවද ඇය කියා සිටියාය.
එමෙන්ම, දේශපාලන අතපෙවීම්වලින් තොරව නීතිය නිදහසේ ක්‍රියාත්මක කිරීමේ පූර්ණ නිදහස පොලීසියට, අධිකරණයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සමස්ත අධිකරණ පද්ධතියට ලබාදීම අත්‍යවශ්‍ය වන අතර, වර්තමාන පාලනය යටතේ එම පූර්ණ නිදහස ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
















