කඩවත ග්‍රාමයේ ගනේමුල්ල සිව්මංසලට මුහුණලා පිහිටි කඩවත දේවස්ථාන භූමියේ ඉදිකරන ලද අඩි 12ක් උස් වූ නව ක්‍රිස්තු ප්‍රතිමාව ආසිරි ගැන්වීම කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සුරතින් සිදු කෙරුණි.
මහ මග ගමන් ගන්නා සියලු දෙනාගේ ආරක්ෂාව සහ රැකවරණය දෙවිඳුන් පාමුලට ගෙන එන අරමුණින් මෙම ක්‍රිස්තු ප්‍රතිමාව නිර්මාණය කර තිබේ.














