ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැති 33 වන අරාබි සංචාරක වෙළඳපොළ ATM 2026 ප්‍රදර්ශනය සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමත්ව තිබේ.
“Travel 2040: නවෝත්පාදන සහ තාක්ෂණය හරහා නව සීමාවන් කරා” යන තේමාව යටතේ පැවැති මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා සංචාරක කර්මාන්තය නියෝජනය කරමින් නියෝජිතයන් 58 දෙනෙකු සහභාගී වී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කොරේ, ඩුබායිහි ශ්‍රී ලංකා ඇලෙක්සි ගුණසේකර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කෙරුණු අතර, මෙහිදී එමිරේට්ස් සහ කටාර් එයාර්වේස් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් ගුවන් සේවා සබැඳියාවන් තවදුරටත් පුළුල් කිරීමටද කටයුතු කර ඇත.














