2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (21) ගැසට් මගින් ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතියද හිමිව තිබුණා.
ඒ අනුව 2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4,992.773ක් ලෙස සඳහන් වනවා.
පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන මස 7 වනදා සිදු කිරීමට නියමිත අතර, අයවැය කථාව හෙවත් දෙවනවර කියවීම නොවැම්බර් 12 වනදා පැවැත්වීමට නියමිතයි.
දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වාත්, කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
















