හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු ඊයේ (21) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලංකා පොස්පේට් සමාගම හරහා විධිමත් රාජ්‍ය පටිපාටියෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනකට පොස්පේට් අපනයනය කිරීමට පහසුකම් සලසා, අපනයන බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
ඊයේ පස්වරු 4.55ට පමණ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර නීතිමය පියවර සඳහා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
















