තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (22) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වනවා.
දෙරට අතර පැවති විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම එක්දින තරගාවලියට එක්වන්නේ එක්දින පිටියේදී තරගකාරීත්වය පෙන්වීමේ අරමුණින්.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පවන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක සහ ජාත්‍යන්තර වරම් දිනා නොමැති සචිඳු කොළඹගේ ද ඇතුළත් වනවා. එංගලන්තයේදී මෙතෙක් පැවති එක්දින තරග 25කින් තරග 12ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, එංගලන්තය තරග 13ක් ජයගෙන තිබෙනවා. දෙරට අතර ජාත්‍යන්තර එක්දින තරග 82කදී එංගලන්තය ජයග්‍රහණ 40ක් සහ ශ්‍රී ලංකාව ජයග්‍රහණ 38ක් වාර්තා කර තිබෙනවා.
එංගලන්ත කණ්ඩායම හැරී බෲක්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන අතර, ජෝ රූට් ද කණ්ඩායමට ඇතුළත්.
















