අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
“Breaking හරිනි ඝාතන සැලසුමක්” යන තේමාව යටතේ ෆේස්බුක් ඔස්සේ මෙම ප්‍රචාර සිදුකර ඇති බවත්, අග්‍රාමාත්‍යවරියට වස දී ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට ව්‍යාජ තොරතුරු සමාජගත කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.
















