දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.
ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීමට අමතරව ජනමත විමසුමක් ද අවශ්‍ය බව කථානායකවරයා සඳහන් කළා.
















