ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත්, විනිවිදභාවයෙන් යුතු සහ තිරසර අනාගතයක් කරා ගෙන යාමේ අරමුණින් M-CRIL Limited සහ IDEAS Business and Development Academy නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එක්ව තිබෙනවා.
ජාත්‍යන්තර ක්ෂුද්‍රමූල්‍ය විශේෂඥ දැනුම සහ ශ්‍රී ලංකාවේ දේශීය ක්ෂුද්‍රමූල්‍ය හා සංවර්ධන අත්දැකීම් ඒකාබද්ධ කරන මෙම සහයෝගිතාව, ක්ෂේත්‍රයේ ධාරිතා සංවර්ධනය සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමට නව අවස්ථා නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කොළඹදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමත් සමඟ හවුල්කාරිත්වය නිල වශයෙන් ආරම්භ වී ඇති අතර, ක්ෂුද්‍රමූල්‍ය ශ්‍රේණිගත කිරීම්, පාරිභෝගික ආරක්ෂාව, සමාජ කාර්යසාධනය සහ පුහුණු වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ විශේෂඥ දැනුම සහ හැකියාවන් යොදා ගැනීමට නියමිතයි.














