මුතුරාජවෙල සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සම්බන්ධ කරමින් නව ගුවන් ඉන්ධන ගබඩා කිරීමේ හා ප්‍රවාහන පද්ධතියක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව China Petroleum Pipeline Engineering Company Limited වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ මුතුරාජවෙල ප්‍රදේශයේ ඝන මීටර් 92,000ක ධාරිතාවයකින් යුත් ඉන්ධන ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම, එය ගුවන්තොටුපළේ ඉන්ධන පිරවුම් පර්යන්තය සමඟ සම්බන්ධ කරන විශේෂ ප්‍රවාහන උමඟක් ඉදිකිරීම සහ පවතින පර්යන්තයේ සංශෝධන සිදු කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමෙන් ලැබුණු ලංසු තුනක් ඇගයීමෙන් අනතුරුව, බදු හැර ඇමරිකානු ඩොලර් මිලියන 40.84ක් සහ රුපියල් මිලියන 8,548.75ක වටිනාකමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
















