ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ පිටේ සහ බෙල්ලේ ප්‍රදේශයේ ඇති වූ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ඔහු එංගලන්ත සංචාරය අතරතුර යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මෙම ආබාධය නිසා එංගලන්තයට එරෙහිව පැවති පළමු එක්දින තරඟයද ඔහුට අහිමි වූ අතර, ඒ වෙනුවට කැඳවූ සචින්දු කොළඹගේ සිය මංගල එක්දින තරඟයේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.
හසරංගගේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර අවදානම් නොගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය සහ තේරීම් කමිටුව තීරණය කර ඇති අතර, ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන පාකිස්තාන සංචාරය සඳහා සූදානම් වීම පිණිස ඔහුට අවශ්‍ය විවේකය සහ ප්‍රතිකාර ලබාදීම සඳහා මෙලෙස දිවයිනට කැඳවා ඇත.














