ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාත අනුව, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 324.64 සිට රු. 325.22 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 333.70 සිට රු. 334.28 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු තවත් මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව ද රුපියලේ අගය සුළු වෙනස්කම්වලට ලක්ව ඇති බව සඳහන්.
















