නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ග්‍රෙගරිවැවේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් අද (24) වැවේ සොරොව්ව විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, එමඟින් කොත්මලේ ජලාශයට ජලය ගලා බසින නානුඔය ඇළේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, වැවේ ජල මට්ටම ඉහළ යාම සහ වැව අවට පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ග්‍රෙගරිවැවේ බෝට්ටු සේවාව තාවකාලිකව නතර කිරීමට නුවරඑළිය මහ නගර සභාව පියවර ගෙන තිබෙනවා.
















