ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක අද (02) ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ඊයේට සාපේක්ෂව සුළු වශයෙන් පහළ ගොස් ඇති අතර, ඒ අනුව රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් තිබේ.
සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.35ක් සහ විකිණුම් මිල රුපියල් 335.60ක් ලෙස වෙනසකින් තොරව පවතී. එන්ඩීබී බැංකුවේ ගැනුම් මිල රුපියල් 326.10ක් සහ විකිණුම් මිල රුපියල් 335.10ක් ලෙස පවතී.
මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.62 සිට 326.48 දක්වාත්, විකිණුම් මිල රුපියල් 334.72 සිට 334.57 දක්වාත් පහළ ගොස් තිබේ.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රුපියල් 324.59 සිට 324.34 දක්වාත්, විකිණුම් මිල රුපියල් 334.50 සිට 334.25 දක්වාත් අඩුවී ඇත.
සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.75 සිට 326.50 දක්වාත්, විකිණුම් මිල රුපියල් 334.75 සිට 334.50 දක්වාත් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ විකිණුම් මිල රුපියල් 334 සිට 335 අතර පරාසයක පවතී.















