හාලිඇල විදේශ සේවා කාර්යාලය අසලදී අධික වේගයෙන් තරඟකාරීව ධාවනය වූ යතුරුපැදි දෙකක් අතරින් එක් යතුරුපැදියක් පාලනය කරගැනීමට නොහැකිව වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අද (01) පස්වරු 7.00ට පමණ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් දකුණට හරවමින් තිබූ වෑන් රථයක බඳ කොටසේ යතුරුපැදිය ගැටී ඇති බව සඳහන් වේ.
මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා රියදුරන් ආරක්ෂාකාරීව හා වගකීමෙන් යුතුව රිය පැදවීමේ වැදගත්කම පෙන්වාදෙමින් මෙම අනතුරේ ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබේ.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















