නෝර්වුඩ් ආදාහනාගාරයට පිවිසෙන මාර්ගයේ ස්ථාන කිහිපයක් කැනීම් කර මැණික් ඉල්ලම් සහිත පස් ගොඩගසා තිබූ ස්ථානයක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ජාවාරම්කරුවන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
දින දෙකක සිට තේ වතුයායේ කොටසක සහ අදාළ මාර්ගයේ විශාල වළවල් හාරා මැණික් ඉල්ලම් සහිත පස් රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (01) රාත්‍රියේ සිදුකළ වැටලීමේදී ජාවාරම්කරුවන් පලාගොස් ඇති අතර, රැගෙන යාම සඳහා මලු තුළට පුරවා තිබූ මැණික් ඉල්ලම් සහිත පස් බෑග් කිහිපයක් සහ ඉල්ලම්කූරු 40ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් උපකරණ සහ මැණික් ඉල්ලම් අද (02) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















